ජොන් ස්ටෝන් උතුරු කොරියාවේ ගී ගයයි



ලොව සෑම රටකම ප්‍රධාන නගරවලට ගොස් ගී ගයමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට උත්සාහ ගන්නා බ්‍රිතාන්‍ය ගායිකා ජොස් ස්ටෝන්, උතුරු කොරියාවට ද ගොස් ගීත ගායනා කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විදෙස් පුවත් සේවා මේ බව වාර්තා කළේ ස්ටෝන්, උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර සමාජ ශාලාවකට ගොස් ගීත ගායනා කර ඇති බව පැවැසෙයි.

ජොස් ස්ටෝන් උත්සාහ ගන්නේ ලොව සෑම අස්සක් මුල්ලකම සංචාරය කරමින්, ලොව ප්‍රධාන නගරවල ගී ගායනා කිරීමය. පසුගිය දා ඇය සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගොස් ගීත ගායනා කළාය.

(බී.බී.සී.)


RECOMMEND POSTS