ජොන්සන් ඇන්ඩ් ජොන්සන් දකුණු අප්‍රිකානුවන්ට



දකුණු අප්‍රිකානු වැසියන්ට ඇමෙරිකාවේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ආරම්භ කළ බව දකුණු අප්‍රිකා රජය ඊයේ (18) පැවැසීය.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගම නිපදවූ මෙම එන්නත විදෙස් රටක භාවිතයට ගැනුණු පළමු අවස්ථාව මෙයයි. එන්නත මිලදී ගැනීමට දකුණු අප්‍රිකා රජය තීරණය කළේ එන්නතට එරට සෞඛ්‍ය අමත්‍යාංශයේ අනුමැතිය හිමිවීමෙන් පසුවය. මිලියන 40 කට එන්නත ලබා දීමට දකුණු අප්‍රිකා රජය සූදානමින් සිටී.

දකුණු අප්‍රිකා වැසියන් වෙනුවෙන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මිලදී ගැනීම සිදුවූයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා ප්‍රතිශක්තිකරණ එන්නත වෙනුවට යැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසා තිබේ

දකුණු අප්‍රිකාව එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත යොදා ගනිමිනි. කෙසේ නමුත් එරටින් ආරම්භ වුණු නව විකෘති ප්‍රභේදය, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතෙන් අඩපණ නොවන බව පෙනී ගියේය. ඇමෙරිකාවේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගමේ එන්නත දකුණු අප්‍රිකානුයන්ට ලබා දීමට නිර්දේශ වූයේ ඉන්පසුවය.

කේප්ටවුන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS