ජපන් අගමැති අබේ අපේ සතුරෙක්



ජපන් අගමැති ෂෙන්සෝ අබේ, මෝඩයකු බවත්, ඔහු තමන්ගේ සතුරකු බවත් උතුරු කොරියාව පවසා ඇත.
ජපන් අගමැති ෂෙන්සෝ අබේට කවදාවත් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට පය තැබීමට අවස්ථාවක් ලබා නොදෙන බව ද උතුරු කොරියාව වැඩිදුරටත් පවසා ඇත.

ජපාන අගමැති ෂෙන්සෝ අබේ උත්සාහ ගන්නේ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවීමටය. ඒ සඳහා උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට පැමිණීමට පවා ජපන් අගමැති කැමැත්ත පළ කර තිබුණි.

කෙසේ නමුත් මීට සති කීපයකට පෙර උතුරු කොරියාව සිදු කළ දිගු දුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ජපන් අගමැති උතුරු කොරියාව විවේචනය කළේය. උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කළේ යැයි චෝදනා නැගුවේය. අගමැති අබේට උතුරු කොරියාවෙන් දෝෂාරෝපණ එල්ල වී ඇත්තේ එහෙයිනි.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS