චීන වයිරසය ඇමෙරිකාවට පැතිරිලා



චීනයේ පැතිරෙන සාර්ස් වයිරසයට සමාන, නව කොරොනා වයිරස ඇමෙරිකාව පුරා පැතිරීමේ බියක් හටගෙන තිබේ.

ඒ, ඇමෙරිකාවේ සියැටල් ජනපදයෙන් ද එම වයිරසය ආසාදනය වූ රෝගියකු හමුවීමත් සමඟය.

එම රෝගියා වයස අවුරුදු 30 ක් පමණ තරුණයකු බවත්, ඔහු මේ වනවිට නිරෝධායනයට (වෙන්කර) ලක් කර, සියැටල් නුවර රෝහලක ප්‍රතිකාර ලබන බව පැවැසෙයි.

මෙම තරුණයා ඇතුළු පිරිසක් පසුගිය දා මධ්‍යම චීනයේ සංචාරයකට ගොස් පැමිණි අය යැයි ඇමෙරිකාවේ වසංගත රෝග නිවාරණ ඒකකය පෙන්වා දී ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS