චීන වයිරසයට අලුත් නමක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වයිරස, COVID-19 යනුවෙන් නිල වශයෙන් නම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩොනොම් ග්‍රෙබ්බයිසිස් පැවැසුවේය.

ඇඩොනොම් ග්‍රෙබ්බයිසිස් මෙසේ පැවැසුවේ, ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. නව කොරෝනා වයිරස, පෘථිවි වාසීන්ට වින කළ හැකි වයිරසයක් ලෙස සලකා කටයුතු කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

ඊයේ (12) වනවිට කොරෝනා වයිරසයට බිලිවුණු ගණන 1,016 ක් යැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළේය.

මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරැ කළේය. වයිරස ආසාදිතයන් ගණන45,188 ක් බව පැවැසිණි. වැඩිම මරණ සංඛ්‍යාවක් මෙන්ම වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ චීනයේ හුයබයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය ආසාදනය වී සුව වුණු ගණන 4,849 ක් යැයි ද පැවැසෙයි.

ජිනීවා නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS