ගොර්බචොව්ගෙන් අනතුරු ඇඟවීමක්



රුසියාව සහ බටහිර රටවල් අතරේ පවතින නොහොඳ නෝක්කඩු ලෝකයට බරපතල අනතුරක් බව රුසියාවේ හිටපු නායක මිහායිල් ගොර්බචොව් පවසා ඇත.

හිටපු නායක ගොර්බචොව් මෙසේ පවසා ඇත්තේ බීබීසී පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

බටහිර බලවතුන් සේම රුසියාව ද න්‍යෂ්ටික බලවතකු බවත්, දෙපාර්ශ්වය සමඟියෙන් කටයුතු නොකරන්නේ නම් එය සැමට තර්ජනයක් බවත් හිටපු නායකයා බීබීසී නාළිකාව සමඟ වැඩිදුරටත් කියා සිටියේය.

(බී.බී.සී.)


RECOMMEND POSTS