ගොඩනැගිල්ලකට හෙලිකොප්ටරයක් කඩා වැටේ



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, මැන්හැටන් පළාතේ, අහස සූරන ගොඩනැගිල්ලක් මතට ගොඩබෑමට ගිය කුඩා හෙලිකොල්ටරයක් අනතුර පත්වීමෙන් මහ කලබලයක් නිර්මාණය විය.

මීටර් 290 ක් උස, මහල් 50 කින් සමන්විත එම ගොඩනැගිල මුදුනේ හොලිකොප්ටර් ගොඩබෑමට ‘හෙලි පැඞ්’ වේදිකාවක් ද ඇත. හෙලිකොප්ටරය එම වේදිකාවට ගොඩබෑමට නියමුවා ගත් උත්සාහය අසාර්ථක වී අනතුර සිදුවූ බව පැවැසෙයි.

අනතුරින් නියමුවා ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ නම ටිම් මැකෝමැක් යැයි නිව්යෝක් පොලිසිය පසුව මාධ්‍ය හමුවේ නිවේදනය කළේය. අනතුරත් සමඟ ගොඩනැගිල්ල මුදුනේ ගින්නක් ද හටගත්තේය.

ගොඩනැගිල්ලේ සිටි පිරිස් වහා ඉවත් කරමින්, ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් කැඳවූ බව ද වාර්තා වේ. පෞද්ගලික කාර්යාල රැසක් ගොඩනැගිල්ලේ පිහිටා ඇති බව ද පැවැසෙයි. ‘එය බොහොම කනගාටුදායක සිදුවීමක්’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS