ගුවන් යානයක වැසිකිළි ප්‍රශ්නයක්



ගුවන් මගීන් 35 දෙනෙකු රැගත් සෞදි අරාබියන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ජෙඩ්ඩා නුවර සිට වෙෂින්ටන් නුවර බලා පියාසර කරද්දී ගුවන්යානයේ වැසිකිලි වල මතුවු ප්‍රශ්නයක් හේතුවෙන් අත්ලනතික් සාගරය හරහා යෑමට පෙර ආරක්ෂිත පියවරක් ලෙස පැරිස් අගනුවරට හදිසියෙන්ගොඩ බැස්ස වීමට ප්‍රධාන ගුවන් නියමුවා කටයුතු කළ බව අල්-ජසීරා පුවත්පත වාර්තා කළේය. 

පසුව වෙනත් ගුවන් යානයකින් ගුවන් මගීන් වොෂින්ටන් නුවර බලා පිටත්කර යැවු බව සෞදි අරාබියන්ගුවන්සේවය තම නිල ටුවිටර් සමාජජාල ගිණුමේ පළ කර ඇති බවඅල්-ජසීරා පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS