ගුවන් අනතුරින් 10 ක් මරුට



කොස්ටා රීකා රාජ්‍යයේ සිදුවුණු ගුවන් අනතුරකින් ඇමෙරිකන් සංචාරකයෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

කඩා වැටුණේ කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන් යානයකි. එය කොස්ටා රීකා සංචාරක ගුවන් යානයකි. යානයේ නියමුවෝ දෙදෙනා ද අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ.

යානය කඩා වැටුණේ ගුවානාකාස්තේ නමැති පළාතේ බෙජූකෝ නගරයට නුදුරින් වනාන්තරයකටය. යානය අනතුරට ලක්වුණු හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS