ග්‍රීසියට කඩා වැදුණු සුළි සුළඟට 6 ක් බිලි



උතුරුදිග ග්‍රීසිය හරහා හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටු හේතුවෙන් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම සය දෙනාගෙන් සිවු දෙනකු කුඩා දරුවන් යැයි පැවැසෙයි.

සුළි කුණාටු පමණක් නොව හිම කැට වර්ෂාවක් ද උතුරුදිග ග්‍රීසියේ හොල්කිඩිකි පළාත හරහා හමා ගිය බව පැවැසෙයි. මරණයට පත් බොහෝ දෙනා ග්‍රීසියට පැමිණි විදෙස් සංචාරකයන් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ප්‍රචණ්ඩ සුළංවලට හසුවුණු නිවාස සිය ගණනක් විනාශ වූ අතර මෝටර් රථ පවා පෙරැළි ගියේය. හොල්කිඩිකි පළාත ග්‍රීසියේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ශනයක් ලෙස සැලකෙයි.

ඇතන්ස්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS