කොරෝනා වාතයෙන් බෝ වෙනවා



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා පැතිරීමට පටන්ගත් නව කොරෝනා වයිරසය වාතයෙන් බෝවන බව චීන වෛද්‍ය පර්යේෂකයෝ තහවුරු කළහ.

මෙම තහවුරු කිරීම කළේ චීනයේ ෂැංග්හායි නුවර වෛද්‍ය පර්යේෂකයන් යැයි ‘චයිනා ඬේලි’ පුවත්පත නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නව කොරෝනා වයිරසය රෝගියකුගෙන් පැතිර යන බව මෙතෙක් පැවැති විශ්වාසයයි. ෂැංග්හායි වෛද්‍යවරුන් පෙන්වා දී ඇති අකාරයට රෝගීන්ගෙන් වාතයට එක්වන කොරෝනා වයිරස විසබීජ වාතයේ දීර්ඝ කාලයක් රැඳී තිබෙන බවත්, වාතයෙන් බෝ වන බවත්ය.

මේ බව තහවුරු කළේ ෂැංගාහි නුවර සිවිල් කටයුතු කාර්යාංශයේ දෙවැනියා ලෙස කටයුතු කරන වෛද්‍ය සෙංග් කුන් ය.

ෂැංග්හායිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS