කොරෝනා මරණ දහසට ආසන්නයි



මේ වනවිට කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 910 ඉක්මවා තිබුණි. වයිරස ආසාදිතයන් ගණන 40,540 කි. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවවුණු ගණන 3,383 කි.

ගතවුණු පැය 24 කාලය ඇතුළත පමණක් චීනයේ හුබෙයි පළාතෙන් කොරෝනා වයිරස මරණ 94 ක් වාර්තා විය.

වයිරසය රටවල් රැසකට පැතිර ගොස් ඇති අතර, චීනයෙන් පිටතදී හමුවුණු රෝගීන් ගණන 64 ක් යැයි ද වාර්තා වේ. ඊයේ විදෙස් පුවත් සේවා වාර්තා කළේ හොංකොං දේශයේ හකම පවුලේ 9 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවය.

මැලේසියාවෙන් කොරෝනා වයිරස රෝගීන් 17 දෙනකු හමුවී ඇති බවත්, එයින් හය දෙනකුට වයිරසය වැළඳී ඇත්තේ චීනයෙන් පිට වයිරසය පැතිරෙද්දී බවත් එරට පුවත් සේවා වාර්තා කළේය.

මේ අතර චීන මහ බැංකුව, කොරෝනා වයිරස එරෙහි සටන් කිරීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 43 ක මුදලක් මුදා හැරීමට තීරණය කළේය. එම මුදල් මුදා හැරීම සිදුවනු ඇතැයි පැවැසෙන්නේ අදියර කීපයක් යටතේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS