කොරෝනා පාලනයෙන් දෙවැනි තැන ශ්‍රී ලංකාවට



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සාර්ථකව මර්දනය කරගත් රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව චීන පර්යේෂණ ආයතනයක් එළිදැක්වූ සමීක්ෂණයක සඳහන් වෙයි.

මෙම සමීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත්තේ චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන ‘යීකායි’ පර්යේෂණ ආයතනයයි. කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගනිමින්, කඩා වැටුණු ආර්ථිකය යළි ශක්තිමත් කිරීමට ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ‘යීකායි’ පර්යේෂණ ආයතනයේ වැඩි අවාදානයක් යොමු වී ඇත.

ඒ අනුව, කොවිඩ් 19 ගෝලීය වසංගතය වැළැක්වීමට ගත් ක්‍රියා මාර්ග, ආර්ථිකය යළි ප්‍රකෘත්තිමත් කර ගැනීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව අතින් දෙවැනි ස්ථානයේ පවතින රට වන්නේ ශ්‍රී ලංකාවය.

සමීක්ෂණයට රටවල් 108 ක් සම්බන්ධ කර ගැණුනු අතර, පළමු ස්ථානයේ පසුවන්නේ චීනයයි. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

චීනය සහ ශ්‍රී ලංකාවට අමතරව, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව පාලනය කළ සෙසු රටවල් ලෙස සැලකෙන්නේ දකුණු කොරියාව, මියන්මාරය, ඕස්ටේ්‍රලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ අප්‍රිකාවේ ඝානා රාජ්‍යයයි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS