කොරෝනා එන්නතට රජයේ අනුමැතිය



රුසියන් විද්‍යාඥයන් හැදූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස එන්නතට රුසියන් රජයේ අනුමැතිය හිමිවී ඇත.

රජයේ අනුමැතිය හිමිවීමත් සමඟ නව එන්නත රුසියානුවන්ට ලබා දීමට නියමිතය. එන්නත පළමුවෙන් රුසියාවේ රෝහල්වල ඉදිරි පෙළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට ලබා දෙනු ඇත.

රජය අනුමැතිය ලබා දුන්න ද එන්නත සම්බන්ධයෙන් සිදු කරන අවසන් අත්හදා බැලීම් තවමත් සම්පූර්ණ කර නැතැයි ද පැවැසෙයි.

රුසියන් රජය පවසා ඇත්තේ, එරට විද්‍යාඥයන් නිර්මාණය කළ එන්නත ලබන 10 වැනිදාට පෙර, රුසියානුවන්ට ලබා දීමට කටයුතු කරන බවය.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS