කුවේට් ඔපෙරා හවුස් හි විශාල ගින්නක් හටගනියි



කුවේට් රාජ්‍යයේ පිහිටා ඇති ඔපෙරා හවුස් නම්න් හදුන්වන සංස්කෘතික මධ්‍යස්ථානයේ පසුගියදා විශාල ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මෙය ජේබර් අල්- අහමඩ් සංස්කෘතික මධ්‍යස්ථානය යනුවෙන්ද හදුන්වනු ලබයි. 

ගින්න නිවීම සදහා ගිනි නිවන භටයන් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති අතර ගිනි ගන්නා අවස්ථාවේදි කළු දුම් වළාවන්ගෙන් අවට පරිසරය පිරීගොස් ඇත. 

ඔපෙරා සංස්කෘතික මධ්‍යස්ථානයට අයත් ඉන්ජින් කාමරයේ ඇතිවු දෝෂ සහිත තත්වයක් ගින්න හටගැනීමට හේතුවී ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.  

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වේ. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

 


RECOMMEND POSTS