කිම් ජොන් නාම්ගේ ඝාතනයට අත්අඩංගුවට ගත් කාන්තාව නිදහස්



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අඩ සොහොයුරකු වන කිම් ජොන් නාම් වස දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු ජාතික සිතී අයිෂ්යා නමැති තරුණියට නිදහස හිමිවිය.

කිම් ජොන් නාම් වස දී ඝාතනය කළේ 2017 දීය. ඒ, ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළේදීය. ඝාතනය සිදුවූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ උපදෙස් පරිදි යැයි චෝදනා එල්ල විය. අද සාමයට කැමැත්තක් දැක්වූවත්, 2017 වෙද්දී උතුරු කොරියා නායක කිම් ජොන් උන් ලෝකයට සතුරෙකු වී සිටියේය.

ආරක්ෂක කැමරා දසුන් අනුව ඝාතනයේ සැක පිට ඉන්දුනීසියානු කාන්තාවක වන සිතී අයිෂ්යා මැලේසියා ආරක්ෂක අංශ විසින් වහා අත්අඩංගුවට ගනු ලැබුණි.

ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS