කාශ්මීර වැසියන්ට පැනැවූ තහංචි ලිහිල් කෙරේ



‘ඊද් අල් ආදා’ උත්සවය සැමරීමට ඉඩ සලසා දෙමින්, කාශ්මීර මුස්ලිම් වැසියන්ට පනවා තිබූ තහංචි ලිහිල් කිරීමට කාශ්මීර බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දු කාශ්මීරය යනු ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත්ය. මෙම පළාත් සඳහා ඉන්දීය ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේ විශේෂ බලතල ලබා දී තිබුණු නමුත්, ඉන්දීය ජනාධිපති නියෝගයකට අනුව ඒවා අහෝසි කෙරුණේ පසුගිය සතියේය.

ඒ සමඟ ඇඳිරි නීතිය පනවා, ජම්මු කාශ්මීරයේ මුස්ලිම් දේශපාලන නායකයන් නිවාස අඩස්සියට පත් කිරීම, දුරකතන සහ අන්තර් ජාල කටයුතු අක්‍රිය කර දැමීම බැංකු වසා දැමීම ආදිය සිදුවිය. ඒ, ඉන්දීය රජයට කාශ්මීර මුස්ලිම් වැසියන්ගෙන් විරෝධයක් එල්ල වේවි යැයි හටගත් බිය නිසාය.

‘ඊද් අල් ආදා’ උත්සවය සැමරීම නිමිත්තෙන් පසුගිය දින කීපය පුරාවට ක්‍රියා විරහිත කර තැබුණු  ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර 250 කට වැඩි ප්‍රමාණයක් යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් ශ්‍රී නගර් නුවර පළාත් කීපයකට ඇඳිරි නීතිය ඉවත් කළ බවත් කාශ්මීර මහේස්ත්‍රාත් ෂාහිද් චෞද්‍රි පවසා තිබේ.

ශ්‍රී නගර්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS