කාශ්මීර අර්බුදයට මැදිහත් වෙන්න කැමැතියි



කාශ්මීර අර්බුදයට මැදිහත් වෙන්න කැමැති යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යළිත් වරක් පවසා ඇත.

පසුගිය දා ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි සහ ජනපති ට්‍රම්ප් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ඉන්පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අතරේ ද දුරකතන කතාබහක් පැවැත්වුනු බව වාර්තා විය.

ට්‍රම්ප් මීට පෙර ද පාකිස්තාන අගමැති ඉම්රාන් හමුවුණු අවස්ථාවේ කියා සිටියේ, කාශ්මීර අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට තමන් මැදිහත් වීමට කැමැති බවය. පාකිස්තාන අගමැති ඉම්රාන් ඊට කැමැත්ත පළ කළත්, ඉන්දීය අගමැති මෝදි තරයේ පවසා ඇත්තේ ඇමෙරිකාවේ මැදිහත්වීමක්  අවශ්‍ය නැති බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS