ක්ලින්ටන් ගෙදර ගිනි අරන්



බිල් සහ හිලරි ක්ලින්ටගේ නිව්යෝක් නුවර නිවස ගින්නකින් විනාශ වී ඇතැයි වාර්තා වේ.

බිල් ක්ලින්ටන් ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයෙකි. බිරිය හිලරි ඔබාමා පරිපාලන සමයේදී ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධුරය හෙබවූවාය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළ ජනපති ධුර අපේක්ෂිකාව වූයේ හිලරිය.

ගින්නෙන් විනාශ වූයේ නිව්යෝක් චැපකා හි පිහිටි නිවස යැයි ද පැවැසෙයි. ගින්න හටගෙන ඇත්තේ අලුයම 2.50 ට පමණ යැයි පැවැසෙයි. ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වී නැත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS