කයිරෝවේ දේවස්ථානයක බෝම්බයක් පිපිරී 25ක් මරුට



කයිරෝ අගනුවර කොප්ටික් දේවස්ථානය තුළ බෝම්බයක් පිපිරි යැමෙන් පුද්ගලයින් 25 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර 49 දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේය.

මෙම මියගිය පුද්ගලයින් අතර ළමයින් 6දෙනෙකු සිටින බව ආරක්ෂක අංශ රොයිටර් වෙත ප්‍රකාශකර ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධව මේ වන විටත් කිසිවකු විසින් වගකීම භාරගෙන නොමැත.

නමුත් අයි.එස් තුස්තවාදීන්ට සහය පලකරන පුද්ගලයින් විසින් සමාජජාල ඔස්සේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සතුට පලකොට අදහස් දක්වා ඇත.

 “දේවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි, මෙම ප්‍රහාරය සිදුකළ අයට දේවාශිර්වාදය ලැබේවා“  යනුවෙන් ඔවුන් තම සමාජජාල ගිණුම් වල සදහන් කොට ඇත.   

මෙම ප්රහාරය සදහා කිගෝ ග්රෑම් 12ක ටී.එන්.ටී නැමති පුපුරන ද්රව්ය යොදාගෙන ඇති අතර මෙම ප්රහාරය දෙව්මැදුරේ කාන්තාවන් වැඩිපුර සිටින ස්ථානයක් ඉලක්ක කර පුපුරවා හැර ඇති බවට ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියේය.

දේව මෙහෙය සදහා සුදානම් වන ලෙසට පුජකයා විසින් දැනුම්දුන් විගසම මෙම පිපිරුම සිදුවූ බවත්, මෙම පිපිරුමෙන් දේවස්ථානය දෙදුරුම්කෑ බවත්, මෙම පිපිරුමෙන් අනතුරුව මුළු දේවස්ථානයම දුවිලි වළාවන්ගෙන් පිරිගිය අතර තමාට දොර සොයාගැනීමට නොහැකිවූ බවත්, මම කෑගසමින් දේවසථානයෙන් එලියට යෑමට උත්හ කල බවත්, එළියට යෑමට උත්සහ කරන අවස්ථාවේදි බොහෝ දෙනෙකු බිම ඇදවැටී සිටි බව මෙම දේවමෙහෙයට සහභාගිවී  සිටි එමාඩ් ෂුක්රි ප්රකාශ කලේය.

 

(ජී.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS