කම්මුරි පිලිපීනයට



කාලගුණ විද්‍යාඥයන් විසින් ‘කම්මුරි’ යන නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව අද දිනයේ පිලිපීනයට කඩා වැදීමට නියමිතය.

සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යාඥයන් පියවර ගැනීමත් සමඟ වෙරළාශිත ප්‍රදේශවල පදිංචි ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

මේ වසරේ, පිලිපීනයට කඩා වැදුණු හත් වැනි සුළි කුණාටුව මෙය යැයි පැවැසෙයි. සුළි කුණාටුවෙන් දරුණු බලපෑම් එල්ලවනු ඇතැයි පැවැසෙන්නේ ලූසොන් දූපතටය.

සුළි කුණාටුව හේතුවෙන් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමට ද බලධාරීහු පියවර ගත්හ.

මැනිලාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS