කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙයි



කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය සොයා ගැනීමට හැකිවී ඇති බවත්, යානය කඩා වැටීමට හේතුව කුමක්දැයි අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඉතියෝපියානු ගුවන් බලධාරීහු පවසති.

ගුවන් යානය කඩා වැටුණේ ඊයේ (10) එරට වේලාවෙන් උදේ 8.44 ට පමණය. යානය අඩිස් ආබාබා අගනුවරින් ගුවන්ගත වී මිනිත්තු කීපයක් යද්දී කඩා වැටුණි. යානය කෙන්යාවේ නයිරෝබි තෙක් පියාසර කිරීමට නියමිතව තිබුණි.

රටවල් 30 ක මගීන් ගුවන් යානයේ සිට ඇත. එයින් වැඩි දෙනා කෙන්යානුවන්ය. කෙන්යානුවෝ 32 ක් යානයේ සිටියහ. ඊට අමතරව කැනඩා ජාතිකයන් 18 දෙනෙකු, ඉකියෝපියානුවන් නව දෙනකු, බ්‍රිතාන්‍ය වැසියන් හත් දෙනකු යානයේ සිට ඇත.

ඊට අමතරව, ස්ලොවේකියා, රුසියා, නෝර්වේ, අයර්ලන්ඞ්, චීන, ඉතාලි, ඇමෙරිකන්, ප්‍රංශ, ඊජිප්තු, ඉන්දියා, ජර්මනි, ස්පාඤ්ඤ, පෝලන්ත ආදී රටවල් රැසක මගීන් යානයේ සිටි බව පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS