ඕස්ටේ‍්‍රලියා මැතිවරණය මැයි 18 වැනිදා



ඕස්ටේ‍්‍රලියාවේ මහ මැතිවරණය ලබන මැයි 18 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව එරට අගමැතිවරයා මෙන්ම පාලක කොන්සවර්ටිව් පක්ෂ නායක ස්කොට් මොරිසන් අද (11) විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවැසීය.

කොන්සවර්ටිව් පක්ෂයට දිගටම බලයේ සිටීමට හැකිවේවිද එසේත් නැතිනම් කම්කරු පක්ෂය බලයට පැමිණේවිද යන්න මැතිවරණයේදී තීන්දු වනු ඇත.

මැතිවරණය පැවැත්වෙන්නේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ ආසන 151 වෙනුවෙන් සහ සෙනෙට් මණ්ඩලයේ ආසන 76 වෙනුවෙනි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS