ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි දරුණු වෙයි



ළැව් ගිනි උත්සන්න වීමත් සමඟ ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කෙරුණි.

වික්ටෝරියා ප‍්‍රාන්ත බලධාරීන් කියා සිටියේ වික්ටෝරියා ප‍්‍රාන්ත වැසියෝ තිදෙනෙක් ළැව් ගිනිවලට බිලි වුණු බවය.

ඒ අනුව, ළැව් ගිනිවලට බිලිවුණු සමස්ත  ඕස්ටේ‍්‍රලියානුවන් ගණන 26 තෙක් ඉහළ ගියේය.

දකුණු  ඕස්ටේ‍්‍රලියාවේත්, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේත් ළැව් ගිනි දරුණු අයුරින් පැතිරෙයි.

කෙසේ නමුත්, වික්ටෝරියා ප‍්‍රාන්තයේ ළැව් ගිනි ඊටත් වඩා දරුණු ස්වරූපයක් ගෙන ඇතැයි  ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා පැහැදිලි කර තිබේ.

වික්ටෝරියා ප‍්‍රාන්තයේ පමණක් නිවාස සිය ගණනක් සහ ඉඩම් හෙක්ටයාර් මිලියන 1.2 ක් ළැව් ගිනිවලින් මුළුමනින්ම විනාශ වී ගොස් ඇත.  ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි පැතිරීම ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බරයේ පටන්ය.

දැඩි වියලි කාලගුණය ළැව් ගිනි පැතිරීම වේගවත් කර තිබේ.  ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රාන්ත කීපයකට වැසි ඇද හැලූණත් ළැව් ගිනි පාලනය කිරීමට එම වැසි ප‍්‍රමාණතවත් නොවිණි.

මෙල්බර්න්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS