ඕමාර් අල් බෂීර් ධුරයෙන් නෙරපයි



වසර 30 කට ආසන්න කාලයක් සුඩානයේ බලයේ රැඳී සිටි ජනාධිපති ඕමාර් අල් බෂීර් ධුරයෙන් නෙරපා දැමීමට පියවර ගත් බව එරට ආරක්ෂක අමාත්‍ය අවාද් ඉබින් ඔෆ් සහ හමුදාව කියයි.

සුඩාන ආරක්ෂක අමාත්‍යවරයා එරට ජාතික රූපවාහිනියෙන් සුඩාන වැසියන් අමතමින් කියා සිටියේ, ජනපතිවරයා ධුරයෙන් නෙරපා රටේ බලය හමුදාව විසින් අත්පත් කරගත් බවය.

අන්තර්වාර පාලකයන් ලෙස හමුදාව වසර දෙකක් බලය අල්ලාගෙන සිටින බවත් ඉන්පසු මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් සුඩාන ආරක්ෂක ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටී. ලබන මාස 3 ක කාලය පුරා සුඩානයේ හදිසි නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි ද ආරක්ෂක ඇමැතිවරයා පැහැදිලි කළේය.

(බී.බී.සී.)


RECOMMEND POSTS