ඕමාන රාජකීයකු ජපාන රජකුමරියක් විවාහ කරගනීයි



ඕමාන රාජකීයකු වන හමාඩ් බින් දෙයාබ් බින් හමාද් අල්-සයිද් ජපාන රජ කුමරියක වන ෆකුඩා විවාහ කරගැනීමේ උත්සවය පසුගියදා මස්කට් නුවරදී පැවත්විය. 

මෙම විවාහ ගිවිස ගැනීම ඉතා විරල සිද්ධියක් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තාකර සිටියේය. 

මේ අතර, මනාලයාගේ බෑනා කෙනෙකු වන කූබූස් බින් ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ අල් සෙයිඩ් ඕමාන පාලක පවුලේ ජේෂ්ඨ සමාජිකයෙකු බවත්, මනාලිය ජපන් කුමරු මසහිකෝ ෆකුඩාගේ දුව බවත්ය.


(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS