ඕමාන් ලෙබනන් ගුවන් සේවය අත්හිටුවයි



ඕමාන ජාතික ගුවන් සේවය ලෙබනන් අගනුවර (බීරුට්) දක්වා ක්‍රියාත්මක කරන ලද සියලු ගුවන් ගමන් නතර කරන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

වාණිජමය හේතු පදනම් කරගනිමින් ලෙබනන් දක්වා ක්‍රියාත්මක කරන ලද සියලු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කල බවත්, මාර්තු 26 දා සිට අදාළ තීරණය ක්‍රියාත්මක කරන බව ගුවන් සමාගම මගින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත.

24531111 දරන දුරකථන අංකය භාවිතා කර ඕමාන් ගුවන් සමාගමේ ඇමතුම් මධ්යස්ථානය හා සම්බන්ධවී වැඩි විස්තර ලබාගන්නා ලෙස ගුවන් සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS