ඕක්ලන්ඩ් ලොක්ඩවුන්



මාසයක් ඇතුළත නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් යළිත් දින 7 ක කාලයක් සඳහා ලොක්ඩවුන් කිරීමට, නගර බලධාරීන් සහ සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

මිලියන දෙකක් වෙසෙන ඕක්ලන්ඩ් නගරය මෙසේ යළි ලොක්ඩවුන් කෙරුණේ, මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හඳුනා ගත් කොවිඩ් 19 වයිරසයේ විකෘති ප්‍රභේදය වේගයෙන් පැතිර යෑම හේතුවෙනි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නවසීලන්තය පළමු වරට ලොක්ඩවුන් කෙරුණේ මීට හරියටම වසරකටය පෙර යැයි ද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නගරය යළි දින 7 කට ලොක්ඩුන් කිරීමට සිදුවන බව නිවේදනය කළේ අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්ය.

ලොක්ඩවුන් කිරීමට හේතුව, මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හඳුනාගත් විකෘති ප්‍රභේදය ආසාදනය වූ 21 හැවිරිදි සිසුවකු නිසාය.

මෙම සිසුවා නිරෝධායනයට ලක් නොවුණු බවක් සතියක් තිස්සේ සමාජයේ ගැවසී ඇති බවත් අනාවරණය වී තිබේ. එම සිසුවා සම්බන්ධ කොරෝනා පොකුර මේ වනවිට 14 ක් තෙක් ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ.

'වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්න අප කොතෙක් උත්සහ කළත්, අසාර්ථක වූ බව කියන්න ඕනෑ. ඉදිරියේ දී තවත් ආසාදිතයන් වාර්තා වීම සිදුවේවි.' යැයි අගමැතිනිය මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළාය. තමන් ආසාදිතයකු බව දැන ගෙනත්, නිරෝධායනයට ලක් නොවුණු සිසුවා ඒරෙහිව දැඩිව කටයුතු කළ බවත්, එසේ නිරෝධායනයට ලක් නොවන පුද්ගලයන් සම්බන්ධයෙන්, ඔවුන්ට එරෙහිව දඩුවම් කිරීමට නව නීති සකස් විය යුතු බවත් විපක්ෂ නායිකා ජූඩිත් කොලින්ස් රජයට පවසා ඇත.

ලොක්ඩවුන් කිරීමත් සමඟ ඕක්ලන්ඩ් වැසියන්ට නිවසින් බැහැරවීමට හැකි වන්නේ හදිසි රෝගී තත්ත්වයක් යටතේ හෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පමණි. රැකියා ස්ථාන වසා දමා ඇති අතර, හදිසි සේවා පමණක් ක්‍රියාත්මක වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS