ඔස්ලෝ පල්ලියකට තුවක්කුකරුවෙක් කඩාවදී



නෝර්වේ රටේ ඔස්ලෝ අගනුවර මුස්ලිම් පල්ලියකට කඩා වැදුණු තරුණයකු කළ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තවත් අයෙක් තුවාල ලැබුවේය.

තරුණයා වෙඩි තැබීම ආරම්භ කළ අවස්ථාවේදී පල්ලියේ සිටි වයෝවෘද්ධ පුද්ගලයකු තුවක්කුකරු වෙත කඩා පැන ඔහු මෙල්ල කර ගත් බවත් පසුව පොලිසිය පැමිණ තුවක්කුකරු අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ අල් නූර් මුස්ලිම් පල්ලියේය. ඒ, සවස 4 ට පමණ යැයි පැවැසෙයි. අත්අඩංගුවට ගත් තරුණයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී කර නැති නමුත් ඔහු බේරම් පළාතේ පදිංචිකරුවෙකු යැයි පැවැසෙයි.

එය සුදු අන්තවාදියකු විසින් මුස්ලිම් වැසියන් ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරයක් යැයි පොලිසිය පවසයි. තරුණයා මීට පෙර අපරාධවලට සම්බන්ධ වූ අයකු බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඔස්ලෝහිදීය (රොයාටර්ස්)


RECOMMEND POSTS