ඔලිම්පික් උළෙල කල් දැමීමට තීරණයක්



ජපානයේ පැවැතිවීමට නියමිත ඔලිම්පික් උළෙල කල් දැමීම කෙරෙහි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවධානය යොමු වී ඇතැයි පැවැසෙයි.

ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ජපානය කියයි.

කෙසේ නමුත් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ක්‍රීඩා උළෙල කල් දැමිය යුතු යැයි ඔලිම්පික් කමිටුව හදිසි රැස්වීමක් පවත්වා සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS