ඔක්ස්ෆර්ඞ් එන්නත යළි අත්හදා බැලෙයි



අවසන් සායනික පර්යේෂණවලදී අතුරු ආබාධ රැසක් පෙන්නුම් කිරීම හේතුවෙන් නවතා දැමුණු ‘එක්ස්ෆඞ් කොරෝනා එන්නත’ යළි අත්හදා බැලීම් සඳහා යෙදවීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

ඔක්ස්ෆර්ඞ් වෛද්‍ය පර්යේෂකයන්, කොරෝනා ආසාදනය වීම වැළැක්වීමේ අරමුණ ඇතිව මෙම එන්නත නිපදවන්නේ, ඇස්ට්‍රාසෙන්කා ඖෂධ සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමිනි. එන්නත නිපදවීමේ කටයුත්තට අනුග්‍රහය ලබා දෙන්නේ බ්‍රිතාන්‍ය රජයයි.

මේ වනවිට ලොව නන්දෙසින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 28,950,000 පසු කළේය. මරණ ගණන 10,00,000 ට ආසන්න වී තිබුණි. තවමත් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයේ ඇත්තේ ඉන්දියාවය. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 4,800,000 කි. මරණ වාර්තා වන්නේ 79,000 ක් ලෙසිණි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS