එන්නත් මිලියන 15 ක ඉවත දමයි



නිෂ්පාදනයේ සිදුවුණු අත්වැරදීමක් නිසා, ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගමේ කොරෝනා ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා මිලියන 15 ක් ඉවත දැමීමට සිදුවී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර තිබේ.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගමේ කොරෝනා ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවීම සිදු කරන්නේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගම හරහාය.

මෙය ඇමෙරිකන් සමාගමකි. මූලික විමර්ශන අනුව, පෙනී ගොස් ඇත්තේ, ‘අත්වැරදීමක්‘ නිසා දෝෂ සහිතව එන්නත් මාත්‍රා මිලියන 15 ක් නිපදවා ඇති බවය. ‘අත්වැරදීම’ සිදුවී ඇත්තේ බොල්ටිමෝර් මේරිලන්ඩ් හි පිහිටි එන්නත් නිෂ්පාදනාගාරයේය.

මෙතෙක් නිපදවා ඇති ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් අතරින්, වඩාත් ආරක්ෂිත මෙන්ම සාර්ථක එන්නත ලෙස පිළිගැනෙන්නේ මෙම ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතය. මෙය ලබා දෙන්නේ එක් මාත්‍රාවක් පමණි.

නිව්යෝක් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS