එක්සත් ජාතීන්ගේ සංවිධානයට සල්ලි නෑ



එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු පවත්වා ගෙන යා හැක්කේ මේ මස අවසන් වනතුරු පමණක් බවත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් කියයි.

එක්සත් ජාතීන්ගේ මහ ලෝකම් කාර්යාලයට අනුයුක්තව 37,000 ක පිරිසක් රැකියාව කරන බවත්, මේ වනවිට වැටුප් ගෙවීම් පිළිබඳ ගැටලු මතුවී ඇති බව ද වාර්තා වේ.

‘සාමාජික රටවල් වාර්ෂිකව මුදල් ලබා දීමක් කරනවා. මේ 2019 වසරේ මුදල් ලැබී තිබෙන්නේ සාමාජික රටවලින් සියයට 70 ක් පමණයි. ඒ නිසා අපට ඇමෙරිකන් ඩොලර් මිලියන 230 ක අඩුවක් තිබෙනවා. ඒ අනුව, අපට මුදල් ප්‍රතිපාදන ඇත්තේ මෙම මාසය අවසන් වනතුරු පමණයි’ යැයි මහ ලේකම් ගුටරේට්ස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා තිබේ. මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් සිය කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ වියදම් කප්පාදු කිරීමක් කරන ලෙසටය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS