උදර්පණ පනත් කෙටුම්පත හකුලා ගන්නවා



හඳුන්වාදීමට උත්සාහ ගත් නව උදර්පණ පනත අසාර්ථක බවත් එය හකුලා ගැනීමට සිදුවුණු බවත් හොංකොං පාලිකා කෙරී ලෑම් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියාය.

එම නව උදර්පණ (පිටුවහල් කිරීමේ) පනත් කෙටුම්පත දෝෂ සහිත බවත්, එය සම්පූර්ණයෙන් ඉවත් කරන බවත් හොංකොං පාලිකා කෙරී ලෑම් මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කියා සිටියාය.

මෙම නව උදර්පණ පනත් කෙටුම්පත සම්මත කර ගැනුනේ නම්, චීනයේ අනුදැනුම සහ උපදෙස් මත චීනයේ බලකිරීමට හොංකොං හි සිටින චීන ජාතිකයන් යළි චීනයට පිටුවහල් කිරීමට ඉඩ තිබුණි. හොංකොං හි චීන විරෝධී දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය කිරීමට ද මෙම නව නීතිය හරහා චීනයට හැකියාව ලැබීමට ඉඩ තිබුණි.

උදර්පණ පනත් කෙටුම්පතට හොංකොං වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූයේ ඒ අනුවය. හොකොං ව්‍යාපාරික ප්‍රජාව, නීතිවේදීන්, ශිෂ්‍යයන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංගම් පමණක් නොව ආගමික කණ්ඩායම් ද පසුගිය සති කිහිපය පුරාවට පැවැති විරෝධතා සඳහා එක් වූහ.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS