උතුරත් දකුණත් ‘හලෝ’ කියයි



උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙරට අතර විශේෂ දුරකතන සේවාවක් ආරම්භ කර ඇති බවත්  එය දෙරට අතර හොඳහිත වර්ධනය වීමේ පියවරක් ලෙස සැලකිය හැකි බවත් බටහිර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම ක්ෂණික ඇමැතුම් දුරකත සේවය 2015 තෙක් ක්‍රියාත්මක විය. කෙසේ නමුත් දෙරට අතර විරසකය ත්‍රීව වෙද්දී, එම දුරකතවන සේවය ද නවතා දැමුණි.

නවතා දැමුණු එම දුරකතන සේවය යළි විවෘත කිරීමට තීරණය කර ඇත්තේ ද උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යැයි පැවැසෙයි.

එපමණක් නොව, ලබන මාසයේ දී, දකුණු කොරියාවේ පැවැත්වෙන සීත ඔලිම්පික් උලෙළට තම ක්‍රීඩා කණ්ඩායමක් යැවීමට කටයුතු කරන බව උතුරු කොරියා නායකයා පවසා ඇත.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS