ඉන්දීය අගමැති මෝදිත් පැරිසියේ



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ප්‍රංශයේ පැරිස් නුවර නිල සංචාරයක් සඳහා පැමිණ සිටින අතර ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් ඔහුට ද උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

අගමැති මෝදි සහ ප්‍රංශ ජනාධිපති අතරේ ආරක්ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම සහ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ප්‍රංශ ජනාධිපති තමාගේත් ඉන්දියාවේත් සමීපතම මිතුරකු බව මෝදි මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ විනාඩි 90 ක් පුරා සාකච්ඡා පැවැත්විණි.  ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ද මෝදි සහ ජනාධිපති මැක්රොන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි.

පැරිසියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS