ඉන්දියාව ටෝටල් ලොක්ඩවුන්



ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (24) ප්‍රකාශ කළේය.

ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

‘‘අද මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම ‘ලොක්ඩවුන්’ ක්‍රමය අනුගමනය කරනවා. ‘ටෝටල් ලොක්ඩුවන්’ ක්‍රියාමාර්ගයකට අපි යනවා’’ යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

බිලියන 1.3කට වැඩි පිරිසක් සිටින ඉන්දියාව ලොව විශාලතම ජනගහනයට හිමිකම් කියන රටයි.

‘‘ඉන්දියාව ආරක්ෂා කරගැනීමට, ඉන්දියාවේ සෑම පුරවැසියකුම ආරක්ෂා කරගැනීමට ඔබ, ඔබේ පවුල, සෑම වීදියක්ම, ඔබේ අසල්වැසියන් සියලු දෙනා ‘ලොක්ඩවුන්’ කරනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

යුරෝපයේ රටවල් රැසක්ම මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර එම ක්‍රියාමාර්ගයට අනුව ගමන්බිමන් සීමා කෙරෙන අතර කඩසාප්පු ආදී සියල්ල වසා දැමේ.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS