ඉන්දියාවේ බස් රථ අනතුරින් 29 ක් මරුට



ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රන්තයේ අග්‍රා නුවරට නුදුරින් සිදුවුණු බස් රථ අනතුරකින් 29 ක් ජීවිතක්ෂයට පත් වූහ.

තවත් 15 දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබූහ. බස් රිය අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබුණි.

රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පහළ ප්‍රපාතයකට පෙරළී ගියේය. බස්රිය ලක්නව් නුවර සිට නවදිල්ලි අගනුවර බලා ධාවනය වෙමින් තිබුණි.

(ඉන්දීය පුවත් සේවා)

 


RECOMMEND POSTS