ඉතාලි පාර්ලිමේන්තුව විසුරුවයි



මාර්තු හතර වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉඩ සළසා දෙමින්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉතාලි ජනාධිපති සෙර්ජියෝ මාටරෙල්ලා කටයුතු කළේය.

ඒ අනුව, ඉතාලි දේශපාලනයේ යළිත් වරක් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
මධ්‍ය වාමාංශික සහ දක්ෂිණාංශික ආදී වශයෙන් ඡන්ද බෙදී යනු ඇති අතර, කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි වනු ඇතැයි ද පැවැසෙයි.

සෙර්ජියෝ මාටරෙල්ලා ඉතාලියේ ජනාධිපති ධුරයට පත් වූයේ 2013 වසරේදීය.

 (රොයිටර්)


RECOMMEND POSTS