ඉංග්‍රීසි පුළුවන් පොඞ්ඩා



තායිලන්ත ලෙන තුළ සිරවුණු දරුවන් අතර සිටි මියන්මාරයේ උපන් 14 හැවිරිදි මුස්ලිම් දරුවා ද වීරයකු බවට පත් වී ඇත.
අබ්දුල් සාම් නමැති මෙම දරුවා වීරයකු වී ඇත්තේ ඉංග්‍රීසි දැනුම තිබුණු නිසාය.

බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනා පළමුවෙන් ම දරුවන් සොයා ගත් අවස්ථාවේදීත්, ඉන්පසු දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන අවස්ථාවේදීත් විදෙස් කිමිදුම්කරුවන් සමඟ අදහස් හුවමාරු කැර ගැනීමට හැකිවූයේ අබ්දුල් සාම් ට පමණි.

පාසල් පා පන්දු කණ්ඩායමේ සෙසු දරුවන්ට හෝ 25 හැවිරිදි පුහුණුකරුට හෝ ඉංග්‍රීසි දැනුම නොමැති බව පැවැසෙයි. අබ්දුල් සාම් ට චීන, බුරුම, තායිවාන සහ චීන බස ද හොඳින් පුළුවන්ය.

මොහු මියන්මාර ජාතිතයකු වන අතර තායිලන්තයට පැමිණ ඇත්තේ මාපියන් විසින් ප්‍රතික්ෂේප කර දැමූ නිසා යැයි ද නවතම වාර්තාවලින් අනාවරණය වෙයි.

මෙම මෙහෙයුමත් සමඟ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තායිලන්ත රජයේ වැඩි අවදානයක් යොමු වී ඇත. ඉංග්‍රිසි අධ්‍යාපනය සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට තායිලන්ත රජය කටයුතු කරන බව ද පැවැසෙයි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS