ඇෆ්ගන් දේශපාලන ක්‍රියාකාරිනිය මරා දමලා



ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නිවේදිකාවක ලෙසත් කාන්තා ක්‍රියාකාරිනියක ලෙසත් පසුව ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු කොමිසමේ උපදේශිකාවක ලෙසත් කටයුතු කරන්න වූ මීනා මංගාල් ඝාතනයට ලක්වූවාය.

ඇයගේ ඝාතනය සිදුවී ඇත්තේ ඉකුත් සෙනසුරාදා දිනයේය. ඇය උදෑසන රාජකාරි සඳහා පිටත්ව යද්දී කිසියම් පුද්ගලයකු ඇයට වෙඩි තැබූ බව පොලිසිය පවසා ඇත. වෙඩික්කරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.

ඇෆ්ගන් දේශපාලන ක්‍රියාකාරීන්, කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් ආදී බොහෝ දෙනකුගෙන් මීනා මංගාල් ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගන් රජයට දෝෂාරෝපණ එල්ල වී තිබේ. මරණ තර්ජන තිබියදී ඇයට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ද සිවිල් සංගම් ඇෆ්ගන් රජයට චෝදනා කර ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS