ඇමෙරිකාවට ගෞරවයක්



ලෝකයේ වැඩියෙන්ම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීම, ඇමෙරිකාවට එක්තරා ආකාරයක ගෞරවයක් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ජනපති ට්‍රම්ප් මෙසේ කීවේ, අන් කවර රටකටත් වඩා වැඩි ගණනකින් සහ වැඩි වේගයකින් ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ වයිරස පරීක්ෂණ සිදුවන බව පවසමිනි.

ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවන්නේ එම පරීක්ෂණ කඩිනම් බැවින් යැයි ජනපති ට්‍රම්ප් පවසයි. ‘කොවිඞ් 19’ වයිරසය ඇමෙරිකාවට ගෞරවයක් වී ඇත්තේ එහෙයින් යැයි ජනපතිවරයා පැහැදිලි කර තිබේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS