ඇමෙරිකන් හමුදාව එන්නත එපා කියයි



ඇමෙරිකන් හමුදා සාමාජිකයන්ගෙන් තුනෙන් එකක පිරිසක්, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රතික්ෂේප කර ඇතැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.

ලොව වැඩිම කොරෝනා මරණ සහ කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකානුවන්ට මේ වනවිට එන්නත් දෙකක් ලබා දීම සිදු වෙයි. එයින් එකක් ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නත වන අතර අනෙක ‘මොඩර්නා’ එන්නතය.

මෙම එන්නත් දෙකම ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවන්නේ ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ හදිසි තත්ත්වයක් සේ සලකාය. එන්නත් ‘හදිසි භාවිතයට’ සුදුසු යැයි ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය දී ඇති නමුත්, එන්නත් සඳහා සියයට සියයක් අනුමැතිය ලබා දීමක් සිදුවී නැත.

පෙන්ටගන් ජනරාල් ජෙෆ් ටලියාෆෙරෝ පවසා ඇත්තේ, එය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකන් හමුදාවේ තුනෙන් එකක පිරිසක් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවය. එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වී, මේ වනවිට එන්නත ලබා ගත් හමුදා සාමාජිකයන් ගණන 9,16,500 ක් බව ද පෙන්ටගනය පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS