ඇමසන් ළැව් ගිනි ගෝලීය අර්බුදයක්



දින ගණනාවක් පුරා ඇමසන් වැසි වන්නාතරයේ පැතිර යන ළැව් ගිනි ‘ගෝලීය අර්බුදයක්’ බවත්, ලොව කාගේත් අවධානය ඊට යොමු විය යුතු බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් පරිසරහිතකාමියකු ලෙස ප්‍රකටය. ගෝලීය උණුසුම අවම කර ගැනීමට ලෝක නායකයන් එක් කර ගනිමින් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට උත්සහ කළේ ද ජනපති මැක්රොන්ය.

‘අපේ නිවහන ගිනි ගන්නවා. මේක සුළුවෙන් තකන්න බැහැ. ලෝකයේ ප්‍රබල රටවල නායකයන් වන ජී7 නායකයන්ගේ අවදානය ඒ ගැන යොමු වෙන්න ඕනෑ.’ යැයි ජනාධිපති මැක්රොන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

පැරිසියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS