අයි.එස්. ත‍්‍රස්තයෝ ප‍්‍රහාරයකට සැරැසෙති



ඉරාකයෙන් සහ සිරියාවෙන් පිහිවුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සහ ඔහුගේ හිතවාදීන් එක් වී යුරෝපා රටවල් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර මාලාවකට සැරසෙන බව බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

බි‍්‍රතාන්‍ය පුවත් සේවා මේ බව වාර්තා කළේ ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුවය. අයි.එස්. ත‍්‍රස්තවාදීන් සිරියාවෙන් මෙන්ම ඉරාකයෙන් ද අඩපණ කිරීමට මේ වනවිට විදෙස් හමුදා සමත් වී ඇත.

එසේ වුවත් යුරෝපා රටවල අයි.එස්. ත‍්‍රස්තයන්ගේ ත‍්‍රස්ත ජාල කි‍්‍රයාත්මක බවත්, ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීමට පමණක් නොව, පරිගණක ආශි‍්‍රත කඩාකප්පල් කි‍්‍රයාවල නියැලීමට ද මොවුන් සූදානම් බව බුද්ධි අංශ උපුටා දක්වමින් බි‍්‍රතාන්‍යයේ ‘ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කර ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS