අම්පන් ඉන්දියාව බංග්ලාදේශය කලඹයි



මෑත කාලයේ බෙංගාල බොක්කේ හටගත් දරුණුතම සුළි කුණාටුව යැයි කාලගුණ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ අම්පන් හේතුවන් 20 දෙනකු මියගොස් ඇති බවත්, ලක්ෂ ගණනකට විදුලිය අහිමි වී ඇති බවත් වාර්තා වේ.

සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලෙන්න වූ අතර, ප්‍රදේශ රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බව ද පැවැසෙයි. හමා ආ තද සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග අවහිර වී ඇත. විදුලි බල සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇතැයි බලධාරීහු පෙන්වා දෙති.

පැයට කිලෝ මීටර් 170 ක වේගයෙන් හමා ආ සුළි කුණාටුවෙන් නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බව පැවැසෙයි. සුළි කුණාටුව පැමිණෙන බව කල්තියා දැන ගැනීමත් සමඟ වෙරළාරක්ෂක අනාරක්ෂිත ප්‍රදේශවල වැසියන් දහස් ගණනින් සහන කඳවුරු වෙත යොමු කෙරුණි.

මේ අතර ‘කොවිඞ් 19’ වයිරස වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව මෙසේ එක් තැකතට යොමු කිරීම අවදානම් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වි දෙති. සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූයේ නැගෙනහිර ඉන්දියාවේ පළාත්වලටය.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මියගිය ගණන 12 ක් බව පැවැසෙයි.  සුළි කුණාටුව හේතුවෙන් බටහිර බෙංගාලයේ දිස්ත්‍රික්ක දෙකකට දැඩි ලෙස හානි සිදුවුණු බව බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනිය පවසා තිබේ.

චෙන්නායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS