අත්අඩංගුවේ සිටි ත්‍රස්තයන්ට නිදහස



අත්අඩංගුවේ සිටි තලේබාන් ත්‍රස්ත සාමාජිකයන් කිහිප දෙනකු මුදා හැරීමට ඇෆ්ගන් රජය පියවර ගත්තේය.

ඒ සමඟ තලේබාන් සංවිධානය ද ඔවුන් විසින් අල්ලා ගනු ලැබ සිටි ඉන්දියානු ඉන්ජිනේරුවන් තිදෙනකු නිදහස් කිරීමට පියවර ගත් බව පැවැසෙයි. එම ඉන්ජිනේරුවන් කවුරුදැයි හෝ ඔවුන් තලේබාන් ග්‍රහණයට පත් වූයේ කවදාදැයි මෙතෙක් අනාවරණය වී නැත.

එම ඉන්දියානුවන් මුදා හැරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය හෝ ඇෆ්ගන් රජය හෝ මෙතෙක් කිසිවක් පවසා නැතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS