අගමැති ඉම්රාන්ගේ සහාය එපා



පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දියාවට පවසා ඇත්තේ පුල්වාමා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහාය දැක්වීමට සූදානම් බවය.

එපමණක් නොව, එම පරීක්ෂණ සාර්ථකව පැවැත්වීමට තම රජයේ සහාය නොඅඩුව ලබා දෙන බව ද අගමැති ඉම්රාන් පවසා ඇත.

එපමණක් නොව, සාක්ෂි නොමැතිව පාකිස්තානයට චෝදනා කිරීමෙන් වළකින ලෙසත්, ඉන්දියාව පාකිස්තානයට පහර දුන්නොත්, ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වන බවත් අගමැති ඉම්රාන් අවධාරණය කර ඇත. ඉන්දියාව පවසා ඇත්තේ සිදුකරන පරීක්ෂණ සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ හෝ ඔහුගේ රජයේ හෝ සහාය අවශ්‍ය නැති බවය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS