’බාහුබලී 2’ එනවා



සිනමා ලෝලීන් කවුරුත් පුලපුලා බලා සිටි තෙලිගු දෙමළ සිනමා නිර්මාණය ‘බාහුබලි 2’ මෙම වසරේ අප්‍රේල් මාසයේ තිරගත වීමට නියමිත බවත්, එහි පූර්ව ප්‍රචාරක පටය මාර්තු මස අවසානයේ එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් බවත් වාර්තා වේ.

එස්.එස්. රාජ්මෝලිගේ සිනමා නිර්මාණයක් වන ‘බාහුබලි 2’ චිත්‍රපටය නම් කර ඇත්තේ ‘බාහුබලි: ද කොන්ක්ලූෂන්’ හෙවත් අවසානය කියාය. මෙහි පළමු චිත්‍රපටය ‘බාහුබලි: ද බිගිනින්’ 2015 වසරේ ඉන්දියාවේ තිරගත වූයේ ආදායම් වාර්තා සියල්ල බිඳ දමමිනි. ‘බාහුබලි: ද බිගිනින්’ ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 650 කි.

 

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS