සෞදි අරාබි සතුන් දඩයමේ ඇතුල් පැත්ත



අල්-කාසීම් විශ්ව විද්‍යාලයේ  භූගෝල විද්‍යා පීඨයේ ආචාර්‍යවරයෙකු වන ආචාර්‍ය අබ්දුල්ලා අල්-මෙස්නාඩ් තම ටුවිටර් සමාජජාල ගිණුම හරහා අන්තර්ජාලයට එක්කරන ලද අහඹු ලෙස ඡායාරූප ගත කරන ලද සෞදි අරාබිය තුල දඩයම් කරන ලද වන සතුන්ගේ ඡායාරූප හේතුවෙන් එය නරඹන පුද්ගලයින් මහත් තිගැස්මකට ලක්වන බව මෝවොටන් පුවත්පත වාර්තා කළේය.

“මේ කුරිරු දඩයක්කරුවන් ඕනෑම වන සතෙකු ඔවුන්ගේ විනෝදය උදෙසා මරා දමනවා, මරා දාපු  සත්තුන්ගේ ඡායාරූප පෙන්වමින් පුරාජේරු කියමින් විනෝද වෙනවා.’’ පරිසරයට සිදුවන අතිමත් විනාශය සහ වන සතුන්ට අත්ව ඇති ඉතා ශෝචනීය ඉරණම ගැන සිය අදහස් දක්වමින් අබ්දුල්ලා අල්-මෙස්නාඩ් ප්‍රකාශ කළේය.

සෞදි අරාබියේ තුල දඩයම් කිරීමේ ආචාර ධර්ම, ප්‍රතිපත්ති හෝ පාරිසරික තත්ත්වයන් අර්බුදයකට ලක්වී ඇති බව මෙම ඡායාරූප මගින් නිරූපනය වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS